Wednesday, May 20, 2020

බවු බවු


දුන්න හබුනුත් කාල නැතුවලු කිටිය කාලා කියන්න
මාම දුන්නලු කුක්කු හදපුව ආවෙ බිව්වද බලන්න
උදේ ඉදලා දුවන එකමයි බෑ මෙ කොල්ලව හදන්න
හිච්චියා මගෙ කොහෙද උන්නේ දෙනව පාරක් සිදෙන්න

ඊයෙ වැහැලා වතුල පිරිලා ගියා චුට්ටක් නටන්න
කිටිය එක්කම කටක් කෑවා බන්ඩි ෆුල් මේ අහන්න
චුට්ටි සමනල් කෙල්ල හිටියා බෑනෙ මට දැන් හොයන්න
අම්මෙ මම නම් ඇල්ලුවේ නැහැ බොරු නෙමේ මේ බලන්න

















Friday, May 15, 2020

පත්තිනි අම්මලා


මඩෙන් උපතත් මඩට ගැරහූ
සිමෙන්තිය සවිමත් වෙලා
යකඩ දුම්‍ රිය දරාගෙන හුන්
සිල්පරත් දරදඬු වෙලා
මහා කුලකට වැදුනු කුලු හිස
පියෙකු සිත කැට ගල් කලා
පඩිපුරක් ගිනි ඇවිලුවේ නැහැ
සියලු පත්තිනි අම්මලා

පැසුනු කතරක දැවුනු මුඩු බිම
පිපෙන්නට සිතමින් බලා
වැසුනු සෙවනින් රකින පමනින්
වසන්තය පසෙකට වෙලා
ඉසුනු දිය මත අදින පණ ණල
රකින්නට දිවි කැප වෙලා
නැසුණු සෙනෙහෙන් වෙතම දරුවන්
තවත් ඇති අපෙ අම්මලා






























Wednesday, May 13, 2020

මිතුරු වැයුම 4

මතකෙට නැගේ මිතුරෙක් මාගේ   ඉන්න
කවියට බොහොම සමතෙකි ඌ දැනගන්න
මතුගම පහල ගලතර නිවසේ ඉන්න
දරුවා ගැන කියන්නම් දැන් අහගන්න

පාසල් යන්න හංවැල්ලට පැමිනෙන්නේ
එතනදි තමා මං ඌ ගැන දැනගන්නේ
දෙවරක් විද්‍යාව කොරලා ඇනගන්නේ
තුන්වන වර කලාවෙන් මූ ගොඩයන්නේ

කැළණිය සරසවිය වෙත ඇරයුම් ලැබුනේ
සෙට් එකෙ ආමි ලෙස උට නම් තැබුනේ
සතිඅන්තයේ වත් නැහැ නිවසට ඇදුනේ
දිනයක වූ දෙයක් කියනට මට සිතුනේ

සරසවි මිතුරන්ගෙ පොඩි පාටියක් කියා
ඇරයුම් ලැබී සයිකලයෙන් ගමන ගියා
බොන හැටි ගැන ඉතින් කුමටද කරුණු කියා
එන්නට පිටවුනා කන සාකුවේ තියා

අම්මා මහන කතිරයෙ මැස්මක්  වාගේ
වැනි වැනි පාරෙ සයිකලෙ එයි වෙඩි වාගේ
බල්ලෙකු පනී පාරට කරුමෙට මූගේ
හොම්බෙනි ගියේ ගෙම්බා ගහුවා වාගේ

නේවාසිකාගාරය වෙත එන කලට
පලු හතරකට වෙන්වී තිබුනාලු කට
මේවත් තුවාලද හුත්තෝ කියා මට
නාගන්නට කියා බැහැලා තුවායට

බියවී ඌත් දැකලා මුව දර්පණයෙන්
තුන්කාලම හිදුන,දිව්වා කාමරයෙන්
රාගම තමා කිට්ටුම එහි ගොස් විගසින්
දොස්තර ඇවිත් බැලුවා මූ ගැන මෙලෙසින්

බේබදු වුවත් මූ ගම මිතුරන් අතර
බෝසත් ලෙසයි සිතුවේ කට්ටිය ගෙදර
දැනගත්තොත් කොහොමද මවුපිය අදර
දොස්තර නමා ගන්නට සිතුවා මිතුර

බීලා මෙහෙම එලවනවද දරුවො කියා
දොස්තර කී විටදි සැරයෙන් දෑස පියා
බීලා නොසිටි බව කිව්වා දොහොත් තියා
කට කොනකින් දොස්තරටත් සිනහ ගියා

දොස්තර මේ වයස පසුකරලා ඇත්තේ
පාඩම් ඉගෙන ගන්නට කිව්වා මත්තේ
බීලා නෙමේ නම් මේ දේ කරගත්තේ
බල්ලා තමයි බීලා ඉන්නට ඇත්තේ

කොහිල වල ගාවා
කබරය දමා ආවා
සියලු නරි නාවා
මූට LC කියා කීවා




















































































Saturday, May 9, 2020

ආදරනීය සකුන්තලා


එක වරම සිත දිවුව පුංචි පාසල වෙතට
මං හිටිය පන්තියේ පුංචි දරුවෙක් වෙතට
හතරවන පංතියෙදි එක් දිනක් එක් වරම
පුංචි කෙල්ලෙක් ආව මට මතක් වෙන තාම

කිලුටු නිල ඇදුම මත දුබුරු පැල්ලම් ගොඩයි
කිසිදාක මැදි බවක් නම් පෙනුනෙ නැහැ ඒක
නොපීරූ හිස කෙස්ද පයේ ලා සෙරෙප්පුද
අහින්සක ඇස් වලින් බැලුව මතකයි තාම

එකම පොත විතරමයි ලිව්ව එහි හැමදේම
පුංචි පැන්සල් කොටය තිබුනෙ සන්තකේටම
දහවලට විවේකෙට නැහැ ඇයට වගක්වත්
කිලිටි බෝතලෙන් බොන උගුරු දෙක විතරමයි

ගුරුතුමා කිවු නිසා දුන් කෑම කොටසකින්
කෑම මේසය පිරුන බැලුවෙ හරි සතුටකින්
කිසිම පාඩම් වැඩක් නෑ කලේ හැමදාම
අනේ ඒ හිත අතුලෙ දුකම වෙන්නැති ඇත්තෙ

කෑම කන්නම තමයි මෙයා නම් මේ එන්නෙ
ලමයින්ගෙ කවටකම් වල මාත් ඉන්න ඇති
අද දුකයි සිහිවෙද්දි මතකයට ඒ කරපු
එදා එන්නැතුව අති පොඩිකමට අපි ඉදපු

දවසටම ලැබෙන මුලු අහර ඒ වෙන්න ඇති
උදේටත් නැතුව ඇති මවත් බඩගින්නෙ ඇති
ගෙදර අම්මා නැතිද තාත්තෙක් ඉන්නවද
මතක මට ගුරුවරුත් බැනවැදුන හොදටෝම

පිස්සියෙක් ගැන කියන විට බැලුවෙ ඇය දිහා
වගක්වත් නෑ ඈට තරහකුත් නැතුව ඇති
අහල අහලම ඒක ගානකුත් නැතුව ඇති
තැලෙන්නට තව මුකුත් ඒ හිතේ නැතුව ඇති

තිස් වසක් වෙලා මට සිහි උනේ ඇයි මන්ද
සකුන්තලා නම ඇගේ දැන් මොනා කරනවද
මවක් වී දැන් ඇයත් සැපෙන් කල් ගෙවනවද
අනේ නැත්නම් එදා වගෙම දුක් විදිනවද

නැවත ඇය දැකගන්න හරිම ආසයි හිතට
කතා නොකලත් එදා ටිකක් දොඩමලු වෙන්න
කාටවත් කිව්වෙ නැති කතාවට කන්දෙන්න
ඉන්නවා නම් එන්න එකට අපි බත් කන්න

































































තාත්තා


සිතේ සවියට මිසක ගතක සවි අහවරයි
කෙතේ නිදි වරන මට නෙතක බැල්මත් හොරයි
මෙතේ බුදු දකින්නට සිතක පෙරුමන් පුරයි
පුතේ නාඩා ඉන්න ගමන තව බෝ දුරයි

මහ වැස්ස මොර හැලෙන - ඉවුරු බිදලා යන්න
කාෂ්ඨක ඉරිතලන - දුකක් නැහැ මට දෙන්න
මම යන්නෙ මේ ගමන - සිප් සයුර ජය ගන්න
තාත්තා නොතෙමෙන්න - අනේ පොඩ්ඩක් ඉන්න














මිතුරු වැයුම 3

කොට්ටාවට නුදුරු නගරයේ පන් තිබු පිටිය
පොත පත තමා ජීවිතයම කර සිටිය
ලොක්කා නමින් අමතයි වට පිට නඩය
හේතුව වයස පමනයි ලොකු වැඩ නැතිය

ශිල්පය කලේ බර දී සරසවි යන්න
වර තුන ගියා යන්නට බාදක පන්න
පිටකොටුවෙත් කුඹුරු කල කාලෙක උන්න
දරුවා ගැන කියමි දැන් අහගෙන ඉන්න

මිතුරන් අතර කවටයෙකුව සිටින හොදින්
පිරිමින් වෙතයි ලැදි පෙර කල පවට ඉතින්
හේතුව කිමද පැවසූවා බමන මතින්
කවි රස දත් දනා දැනගන් පුවත මෙතින්

සරසවි නිමව නිවසට යන කලට දිනක්
රෑ බෝ උනා යන්නට නෑ කිසිම මගක්
ඉදිනා විටදි බස් නැවතුමෙ තබා අතක්
සැප වාහනයකින් ආවා වයස කතක්

ඇරයුම් ලැබී නිවසට ගොස් ඇරලන්න
ලොක්කා ගොඩ උනා පුදමින් පින් ගොන්න
ආගිය කරුනු විමසූවා දැනගන්න
එනවා මෙලෙස පසුකරමින් නාවින්න

අදුරක පාලු තැනකයි රිය නවතන්නේ
ලොක්කා බියෙනි ඇයි මේ මොනවද වෙන්නේ
ගැහැණිය සුරත ගෙන මොනවද පවසන්නේ
බැහැ වලකන්න මේ ලෙස අවසර දෙන්නේ

පිරුනු අතමිට සතුට නැති සිත තවත් අගනුන් ඇති මෙවන්
තුරුනු මදනෙන් දෙතොල තෙත් වී උරන සාරය තෙක් සවන්
පිරුනු පයදර විවර වී දා බිදුද වෑහේ සෙවු පවන්
මැරුණු ලෙස උන් රසග සෙව්වා කුමන හැරුමද දැන් දුවන්

දෙතොල පොපියා උරා බිව් සාරය තුරුණු මිනිසෙකු ගතින්
කෙලෙස ඉවසා ලන්ද බඹසර රැකූ ගේ කුරුලකු සිතින්
සියග සනහා එ මුව දෙව්වා කුලුදුලේ ඉනු රස විතින්
මෙලෙස අවසන උනා රති රග යලිත් උන් හමුවන සිතින්

මේ බැව් දිනක් මිතුරන් හා පවසන්නේ
ළදකට නොමැත යලි පිලිබද සිත එන්නේ
නීතිය නැතිද මා හට අවසර දෙන්නේ
කැන්ගරු දේසෙ වෙත එනිසා පිය මැන්නේ

නැගනිය පවා පොවනා තන කිරි පුතුට
තවමත් නැතිද හමු උනෙ සොයනා සතුට
කෙල්ලෙකු සොයා කරකාරය බැදි දිනට
සතුටට නිරුවතින් දුවනව මාතරට














































































Friday, May 8, 2020

මිතුරු වැයුම 2


වනහගොඩ නම් ගමේ කෙලවර ලෙවුකෙ මැතිදුන් දිවි පිදූ
කැළණි ගංතොට නිවස තිබුනේ දෙමාපිය සෙනෙහෙන් හැදූ
ලබන්නට පින්වත් පුතෙක් ඒ දෙමාපිය දෙවියන් පිදූ
උපන්නා කලු කොට කුමරුවෙකු සදුන් නමටයි පරසිදූ

කාලෙ ගතවී පාසලට යන වයස එලබුනි කුමරුට
කරපු කර්මය නිසාදෝ නැහැ ලකක් තාමත් කලු කොට
කළණ මිතුරන් ලැබුනු බව නම් කිව යුතුම වෙයි පිනකට
මලවි දුන්නෙන් විදල බැලුවත් වැදුනෙ ඔක්කොම අහකට

චාරිකාවට මුලසුනයි එහි කුමරු සිත් ගත් කෙලි රැලයි
වාසනාවට කළණ මිතුරන් සිටියෙ,නැත්නම් අහවරයි
වාරිකේකට දෙක තුනක් නම් පිරිස එක්වී හැඩ කරයි
සාගරේකට වැටුන විය ගස, කැසබුවා තව බෝ දුරයි

මෙලෙස වන්නට උතුම් කුමරුට කල වරද කිමදැයි සිතා
බැලුව විට පෙර බවය පෙනුනා මිතුරු නඩයක උන් පුතා
කොලු කමට කල විසුලු බිරිදට පෙන්න පෙන්නා මේ සතා
බිදෙව්වා ඇය උන් කෙරේ මේ තමා පාපය ගනු සිතා

අනේ නැතුවද මසුන් මුහුදේ ඇම දමා මොහු සිටින්නේ
කනේ මෙන් හිස මතද කෙහෙරැලි දිනෙන් දින දැන් පැසෙන්නේ
අනේ පෙරකල පවක් පලදෙන මාලුවෙකි මෙහි සිටින්නේ
ඇමේ නතුවම පැන්න ඔරුවට අනේ දැන් දුක් නොවන්නේ

සසර රෝදය නැවත කැරකේ උගේ පවු ඌ ගෙවන්නේ
මෙකල ජාලයෙ හමුව මිතුරන් කොලු කවට කම් කරන්නේ
ගතිය නෑරේ ආරයෙන් එන ඇයට මෙය පෙන්වමින්නේ
සසර චක්කරයට පනී පෙර මෙන්ම අකුසල් වඩන්නේ

දාස පුරුශය කියා කිව්වත් කම් නැතී මේ දුක් කද
රාස නැත මිතුරන් අතර මෙය විමසුවා හමුවී ඉද
මාස ගනනක් දුක් විදී නැසි උවත් අයෙකුන් උල හිද
මේස දුක් වන රුපුන්ටත් නොම වන්න පතනව අත් බැද

මිතුරු ඇරයුම ලැබී බැන්දත් පද වැලක් මේ සා රුතී
අතුරු වන කල මිතුරෙකුට කොහිදී වුවත් ඌ එහි ඇතී
පතුරු ගසමින් කවට කරනා කලට මට හොදටම හතී
මිතුරු මේ බුද්දිකයි නැතහොත් පැනිය කිව්වත් කම් නැතී


























































Thursday, May 7, 2020

මිතුරු වැනුම 1


විදිනා විටදි නිදි වර්ජිත රැයක්     අද
මතකය දිවේ මිතුරෙකු වෙත මගේ   හොද
දුටුවත් උජාරුව නිලදුම සමග    අද
සිහිවේ කතාවක් මේ ලෙස බදිමි  පද

නිරිපොල ගමේ කෙලවර සූකර  කොටුව
අසලම නිවස පරවේනිය ඌ   සතුව
මිත්තනියත් සමග සොයුරිය  සොහොයුරුව
සතුටින් කල් අරී මේ ලෙස මේ දරුව

හිරි සහ ඔතප් නිසි පමනට එකට   කිරා
සැදි මේ කොලුගෙ නැහැ තිබුනේ කිසිම  දුරා
ලෙස පරසිද්ද වී තිබුනේ ගමම පුරා
යන්නට අවසරයි මට සිදුවීම  කරා

දිනයක උදේ නාගන්නට අරුමැක්කේ
ලිද වෙත පියනගයි අද විටකුත්  හක්කේ
හොද හුරු පුරුදු මුහුනකි ලිද ලග දැක්කේ
සෑහෙන දවසකින් නොවැ අද සුදු අක්කේ

සුදු අක්කා ගමේ සැමතැන පරසිද්ද
ඇගෙ රගමඩලෙ කීයක් රග පා ඇද්ද
ඇසුනත් මේ කතා ගම්මුන් දන්නැද්ද
මිනිහා ඔත්පලයි එක තැන නැහැ සද්ද

දරුවන් තුනක් සාදා ඇති නමුදු ඇගේ
ගත හැඩ ගැනයි කොදුරන මිනිසුන්ට අගේ
මේ කොලු දැකත් සිටියේ නොම දැක්ක වගේ
කොයි පිරිමියත් පරදී ඒ දෙයට ඇගේ

සුදු අක්කා සමග කලකින් දොඩමලුව
දිය රෙද්දකින් සිරවී ඇති ඇගෙ හෙලුව
ඇහැ එහෙ මෙහෙ ගැටෙයි කොලුවගෙ නිරතුරුව
වරදක් නොමැත තරුන ගැටයෙකි මේ කොලුව

සදුනුත් උලා ගත පිරිමදිමින් උන්න
සුද්දිගෙ දෙතන බැහැ උසුලාගෙන ඉන්න
ඇදි රෙදි කඩය මොහොතින් මොහොතට ඔන්න
විවරව පෙනේ මේ කොලුවට රස දෙන්න

නිසි පුලුලුකුල වැසි තෙත දිය රෙද්ද මත
දගකර දුවයි නිරතුරු කොලුවාගෙ නෙත
සවිමත් උනා ටික ටික උගෙ තෙවන අත
කාටත් පොදු සුබාවය මේ තමයි  පුත

සුද්දී උවත් නැහැ එය සිතකට ගත්තේ
කොයි පක්ශියත් වහනව පැනි අඹ අත්තේ
කිමදෝ මේ මලය සිත දිරියක් නැත්තේ
අවසන ඇයම නිසි තීරනයක් ගත්තේ

වැරදීමකින් මෙන් ගලවා රෙදි කඩය
හැරුනා සිනාසී වඩවන්නට  එඩිය
මැවුනා එතන අයෙකුට නව නලු රසය
නැත මේ කොලුට,පෙනුනේ මෙන් කලු කඩය

කෑ මොර දෙමින් කොලුවා ආපසු එන්නේ
මැවුමෙහි වැරැද්දක් දෝ අපි නැහැ දන්නේ
මිතුරන් නිතර රස කර මෙය පවසන්නේ
නෑමට යලිත් කොලු නැහැ ලිද වෙත යන්නේ

මග තොටදී උසුලු කරනා රැලට  කොලූ
මං නොගැසී ඉන්න තාමත් හිතනවලූ
ඉදහිට සුද්දි මග එන නෙත ගැටෙනවලූ
කොලුවා දුවයි මතකෙට විත් හෙරලි පලූ

මාර පරදා සාම රකිනා සෙනෙවියෙකි අද ලක් ගුවන්
සාර ලෙස යුග දිවිය ගෙවනා දිලෙන කැටයක් මෙන් රුවන්
පාර අවසන තීර ලෙස දෙන සියලු මිතුරන් හට සවන්
වාර අවසන් කරමි මෙලෙසින් කොලුවාගෙ නම සදරුවන්





































































































තරුණ ගුරු


based on a true sory.. ;)

පාසල් කාලයේ නිරතුරු නෙත ගටුන
නැත කිසි සිතක් ඇය පිලිබද සිත ඇදුන
සිව් වස් ගෙවි සරසවියට මම ඇදුන
ඒ කාලයෙම නැත ඇය සිහියට නගුන

මිතුරෙකු මෙලෙස කිවා දුර ඇමතුමකින්
කියවුනි ඇගේ මලයා ඇත ශිල්ප සොවින්
අමතර ශිල්ප දෙන්නට නිවසටම එමින්
මෙලෙසට වසරක්ම ගෙවුනා අසුරු සැනින්

මගෙ සටහන්ද ඇත තවමත් ඇගෙ නිවසේ
ප්‍රතිපල එන්න ලග බව ඇත මේ මාසේ
මූන දෙන්න බෑ ප්‍රතිපල දැක පෙරසේ
විගසට ගොසින් එන්නට සිතුනා මෙලෙසේ

ගත්තෙමි අමතුමක් සටහන් ටික ඇසුවා
ඉන්නව මම ගෙදර ඇය හනිකට කිව්වා
නිවසේ කවුරුවත් නැත අද ඇත බවුවා
මා හදුනතී ඌ මට මොකටද ඔව්වා

හනිකට යතුරු පදියට නැග ඉගිලෙන්නා
මෙලෙසට ගේ ලගට ඇවිදින් නවතින්නා
බල්ලා බදින්නට දුර ඇමතුම දුන්නා
මෙලෙසට ගෙදර මිදුලට මම පියමන්නා

මිදුලේ ඇය සිටිය දැන් මා පිලි ගන්න
පොඩි උන් තුන් දෙනෙකි ඇය වට කොට ඉන්න
මාමගෙ ලමයි බව කිවා දැනගන්න
ඇයි මේ එලියෙ යන් යන් අතුලට එන්න

කිවද මෙලෙස වදනක් මා පිලිගන්න
ඇස ගියෙ එයට නොව ඇදුමට ඇද ඉන්න
කොට ගවුමකි දුහුලින් හැඩ කරමින්න
ඒ දුටු මගෙ ඇස් උඩගියෙ වගෙ දුන්න

අත් නැත කරද නුලකි ඔසවා ඉන්න
පිට නැත එහිද නුලකි කොන් අමුනන්න
වියතට වඩා දන සිට ඉහලට මැන්න
ඉදිරියෙ ගැඹුරු කැපුමකි ලැමසුන් පෙන්න

ආවෙ සටහනත් ගෙන පෙරලා එන්නයි
බොන්නට මුකුත් ඇයගෙන් අරයුම් ගොන්නයි
කුසට නැතත් ඇස් මගෙ තව රස ඉල්ලයි
නැති බව දනී කවුරුත් සිත ලැතවිල්ලයි

ඇතුලට ගිය පසුයි සිත බිය වැඩි වන්නේ
පොඩි උන් තුන්දෙනම මා දැක සැගවෙන්නේ
සටහන් රැගෙන මා වෙත නැබුරුව දුන්නේ
ඒ ඇති ඇස් දෙකට නෑ යලි දුක් දෙන්නේ

මට තේ හදන්නට ඈ යලි පිය මැන්නේ
පිට සහ නිතබ දැක හදවත නවතින්නේ
මෙ මහ දවල් කවුරුද බොල තේ බොන්නේ
හිත කිව්වත් නැහ මුව එය පිට දුන්නේ

ඒකට මොකද යන්නට අවසර දෙන්න
වැඩිහිටියන් නැහැනෙ මෙහෙ තව බෑ ඉන්න
ඇසී මෙලෙස ඈ මට පිලිතුරු දුන්න
ඔයා හරි හොදයි ඉසුරූ දැනගන්න

මගෙ සිත හොදද එය මා පමනකි දන්නේ
සිනහව එතත් ආයාසෙනි මැඩ ගන්නේ
මම යමි යන්න නැවතත් අපි හමුවන්නේ
පාසල් කාලෙ ඔයා මොන ලෝකෙද උන්නේ

Wednesday, May 6, 2020

තත් සිදුන වීනාව


යාමයේ ඇස් පියන් රිදවන
කාලයේ සිතුවිලි මැදින්
මේඝයේ මන්මුලා වූ සිය-
පතක පෙති එක එක සිදින්
රාගයේ කුලු මත හොවා
මූසිලය සිත් ඇදුරකු බිදින්
ප්‍රේමයේ ගුන කිම වයා තත්
සිදුන වීනාවක හඩින්

හිමි අහිමි අම්මාට


අත පය හතර මගෙ දැඩි වී              ආවාට
අදටත් සද ඇයයි මගෙ ලොව මහ       රෑට
හිරු බැස ගියත් ලොව නහවා කලු     පාට
මොනවද කරන්නේ අම්මත් නැති          දාට

විරසක උනත් හිරු සදු හා නොකර         කතා
මට නැත දැනුනෙ අඩුවක් මම පොඩිම   පුතා
තුරු නැත වැට බැන්දෙ එතෙනා කලට   ලතා
උවටැන් කරමි මතු බුදුවන කලට            පතා












නලගනකට බැදි පෙම


කුමුදු මානෙල් නෙලුම් කඩුපුල් කොකු තබර මල් ගෙන අරා
ගිගිරි නාදෙන් සවන අවරා දනන් මුසපත් කල නුරා
මුවැත්තිය සැගවූ රුවැත්තිය දකින දසුනින් නෙත පුරා
ඇස් පියන් බැදි බරය හැරදා පිනවු සිත මගෙ නිදි වරා

හොද පිරිමියා


රත් උනු තැටිය අකුරට සිත් බිදි මදන
මත් උනු බබරු පමනද අන් උන් සුදන
වත් මනු පේවි සිරකල කුලසිරි බිදින
සත් බෝ පිරිමි තව ඇත පාරමි පුරන

බිද හැරපියා සිල් පතිදම් මදන මරු
මද හැරපියා දිවි මගකට රුකුල් පිරු
හද වැරනියා කටු ගාලත් එකලු කෙරු
හොද පිරිමියා ඉපදුනි හා බිලිදු දරු

අහිමි වූ ඇය



දිනේ ගැන අත ගෙන සිබින්නට හන්තාන ඇප උනාවේ
සෙනේ බැදි කවි දහසකුත් ඇත නොමැත ඇය තක්සලාවේ
වනේ රැහනට බැදුනු මිසදිටු දෙකුලුනුත් දිර උනාවේ
අනේ කිරිලිය හඩන තටු සිද පඩු පුලත් උනු උනාවේ.

දිනය ලන්වී ඇගේ අත ගෙන  දිවිය යයි හුදකලාවේ
හනය සුන්වී කුමට නැත යලි හැරුම මා දිවි තලාවේ
පැනය ඇත්තේ කුමට හිමි බන දෙසන මේ කල්පනාවේ
වනය වන කතරක සුවයි එන වසන්තය පසු උනාවේ

රසට ලොල්වී මලින් රොන් බී සතුටු වන සමනලුන්නේ
පැසුනු කල දස අතම ඉගිලී ගිරෙහි වැද උන් නසින්නේ
ප්‍රේම කල හැම දෙනම පතනා එකම දෙය මට නොවන්නේ
ආදරය කටුකනම් මෙතරම් සසරෙ යලි හමු නොවන්නේ