Thursday, May 7, 2020
මිතුරු වැනුම 1
විදිනා විටදි නිදි වර්ජිත රැයක් අද
මතකය දිවේ මිතුරෙකු වෙත මගේ හොද
දුටුවත් උජාරුව නිලදුම සමග අද
සිහිවේ කතාවක් මේ ලෙස බදිමි පද
නිරිපොල ගමේ කෙලවර සූකර කොටුව
අසලම නිවස පරවේනිය ඌ සතුව
මිත්තනියත් සමග සොයුරිය සොහොයුරුව
සතුටින් කල් අරී මේ ලෙස මේ දරුව
හිරි සහ ඔතප් නිසි පමනට එකට කිරා
සැදි මේ කොලුගෙ නැහැ තිබුනේ කිසිම දුරා
ලෙස පරසිද්ද වී තිබුනේ ගමම පුරා
යන්නට අවසරයි මට සිදුවීම කරා
දිනයක උදේ නාගන්නට අරුමැක්කේ
ලිද වෙත පියනගයි අද විටකුත් හක්කේ
හොද හුරු පුරුදු මුහුනකි ලිද ලග දැක්කේ
සෑහෙන දවසකින් නොවැ අද සුදු අක්කේ
සුදු අක්කා ගමේ සැමතැන පරසිද්ද
ඇගෙ රගමඩලෙ කීයක් රග පා ඇද්ද
ඇසුනත් මේ කතා ගම්මුන් දන්නැද්ද
මිනිහා ඔත්පලයි එක තැන නැහැ සද්ද
දරුවන් තුනක් සාදා ඇති නමුදු ඇගේ
ගත හැඩ ගැනයි කොදුරන මිනිසුන්ට අගේ
මේ කොලු දැකත් සිටියේ නොම දැක්ක වගේ
කොයි පිරිමියත් පරදී ඒ දෙයට ඇගේ
සුදු අක්කා සමග කලකින් දොඩමලුව
දිය රෙද්දකින් සිරවී ඇති ඇගෙ හෙලුව
ඇහැ එහෙ මෙහෙ ගැටෙයි කොලුවගෙ නිරතුරුව
වරදක් නොමැත තරුන ගැටයෙකි මේ කොලුව
සදුනුත් උලා ගත පිරිමදිමින් උන්න
සුද්දිගෙ දෙතන බැහැ උසුලාගෙන ඉන්න
ඇදි රෙදි කඩය මොහොතින් මොහොතට ඔන්න
විවරව පෙනේ මේ කොලුවට රස දෙන්න
නිසි පුලුලුකුල වැසි තෙත දිය රෙද්ද මත
දගකර දුවයි නිරතුරු කොලුවාගෙ නෙත
සවිමත් උනා ටික ටික උගෙ තෙවන අත
කාටත් පොදු සුබාවය මේ තමයි පුත
සුද්දී උවත් නැහැ එය සිතකට ගත්තේ
කොයි පක්ශියත් වහනව පැනි අඹ අත්තේ
කිමදෝ මේ මලය සිත දිරියක් නැත්තේ
අවසන ඇයම නිසි තීරනයක් ගත්තේ
වැරදීමකින් මෙන් ගලවා රෙදි කඩය
හැරුනා සිනාසී වඩවන්නට එඩිය
මැවුනා එතන අයෙකුට නව නලු රසය
නැත මේ කොලුට,පෙනුනේ මෙන් කලු කඩය
කෑ මොර දෙමින් කොලුවා ආපසු එන්නේ
මැවුමෙහි වැරැද්දක් දෝ අපි නැහැ දන්නේ
මිතුරන් නිතර රස කර මෙය පවසන්නේ
නෑමට යලිත් කොලු නැහැ ලිද වෙත යන්නේ
මග තොටදී උසුලු කරනා රැලට කොලූ
මං නොගැසී ඉන්න තාමත් හිතනවලූ
ඉදහිට සුද්දි මග එන නෙත ගැටෙනවලූ
කොලුවා දුවයි මතකෙට විත් හෙරලි පලූ
මාර පරදා සාම රකිනා සෙනෙවියෙකි අද ලක් ගුවන්
සාර ලෙස යුග දිවිය ගෙවනා දිලෙන කැටයක් මෙන් රුවන්
පාර අවසන තීර ලෙස දෙන සියලු මිතුරන් හට සවන්
වාර අවසන් කරමි මෙලෙසින් කොලුවාගෙ නම සදරුවන්
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment